ජනාධිපති දුර කාලය සම්බන්ධයෙන් විශේෂ පනතක් පාර්ලිමේන්තුවට

0
විශේෂ පනතක්

ජනාධිපති දුර කාලය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරි තත්ත්වය නිරාකරණය කිරීමට විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානමක් පවතී.

එහිදී ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ද හයක් ද යන්න සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පසුගිය කැබිනට් මණ්ඩලයට ද ඊට සම්බන්ධ වන යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපති දුරකාලය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්ද ඔහුගේ පාලන කාලයේදී අධිකරණයේ මතය විමසා තිබිණ.

එහිදී තීන්දු වූයේ 19 වැනි සංශෝධනය අනුව ජනාධිපති ධුර කාලය වසර පහක් බවයි.