පියුමි හංසමාලිට ආයෙ එන්න වෙයි. ක්‍රීම් 25000 ක් විකුණා කෝටිපතියක් වූ හැටි ප්‍රකාශය ලබා දෙමින් කියලා (Video)

0
පියුමි හංසමාලි

මහින්ද රාජපක්‍ෂ සිය තාත්තා හෝ ගෝඨාභය රාජපක්‍ෂ බාප්පා හෝ නොවන බවත් වාහන අළෙවිසැලකින් මිලදීගත් වාහනය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්දෙට පාවිච්චි කිරීම පිළිබඳව තමන්ට වගකීමක් නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය ඊයේ (1) පැවසුවාය.

පියුමි හංසමාලි මහත්මිය නාරාහේන්පිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.

පියුමි හංසමාලි වන තමන් රේන්ජ් රෝවර් වාහනයක් සහ කොළඹ හතෙන් ගෙයක් ගැනීම මුළු ලංකාවට ප්‍රශ්නය වී ඇති බවත් ක්‍රීම් නිෂ්පාදනය කරන ඇතමුන් සල්ලි දී මෙවැනි චෝදනා කරන බවත් ඇය කීවාය.

රේන්ජ් රෝවර් රථය මිලදීගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්‍ෂගේ වාහන මිලදී ගත්තේ යැයි තමන්ට එරෙහිව චෝදනාව ඉදිරිපත් කළ පුද්ගලයා ප්‍රකාශ කළේ රාජපක්‍ෂලාගෙන් පලිගැනීමේ චේතනාවෙන් බව කී හංසමාලි මහත්මිය ඔහුට රාජපක්‍ෂලා සමඟ ඇති ප්‍රශ්නයක් සිය කරමතින් යැවීමට උත්සහ කරන බව ද සඳහන් කළාය.

අහිංසකව ව්‍යාපාරයක් කරන තමන් වැනි කෙනෙක්ට මෙවැනි චෝදනාවක් නැගීම පව්කාර වැඩක් බවත් ඒ වැඩේට ඔහුට උඩ ඉන්න දෙවියෝ දඩුවම් කර තිබෙන බවත් ඇය සඳහන් කරන්නීය. හොඳ වාහනයක් පදින විට නැති කෙනෙක්ට ඊරිසියාව ඇති වන බව කී ඇය දෙයක් ඉගෙනගෙන ඇවිත් සල්ලි හම්බකරලා වාහනයක් ගැනීමට තහනමක් නොමැති බව ද පැවසුවාය.

සිය සමාගම අළෙවි කරන ක්‍රීම් පැක් එකක මිල රුපියල් 35,000 ක් පමණ වන බවත් ඇනවුම් 25,000 ක් පමණ සපයා ඇති බැවින් ඒ පිළිබඳව අවදානය යොමු කර මෙරට ජනතාවට තීරණයක් ගතහැකි බවත් ඇය කීවාය.

වැරදිකර නොමැති නිසා බියකින් තොරව පොලිසිය වෙත පැමිණි බව කී පියුමි හංසමාල් මහත්මිය පැවසුවේ වැරදි ව්‍යාපාරක කර ඇත්නම් චකිතයකින් සහ භයකින් යුතුව පැමිණිය යුතු බවත්ය.

විදේශයකට ගොස් දෙයක් ඉගෙන පැමිණ අහිංසකව ක්‍රීම් ව්‍යාපාරයක් කරන බවත් පොලිසිය වෙත පැමිණීමේදී බැංකු වාර්තා ෆයිල් පෝරබෑග් 5 ක රැගෙන ආ බවත් ඇය කියන්නීය.

මෙවැනි ප්‍රශ්න පැමිණේ යැයි අනුමාන කළ නිසා ව්‍යාපාරයේ සියලු දේවල් බැංකු හරහා කළ බව කී හංසමාලි මහත්මිය පියුමි හංසමාලි සල්ලි හම්බ කළේ කුඩු විකුණලද, සිය සල්ලි කළු සල්ලි ද යන්න ඉදිරියේදී දැනගත හැකි බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

ඉතාම සාධාරණ ව්‍යාපාරවලින් තමන් මුදල් උපයා ඇති බවත් කිසිඳු අවස්ථාවක මත්ද්‍රව්‍ය ව්‍යාපාර කර නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මය ඊයේ (1) පස්වරුවේ පැවසීය.

නාරාහේන්පිට පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකයේ පෙනී සිටීමෙන් පසුව ඇය එසේ පැවසුවාය.

කාන්තාවක් ව්‍යාපාරයක් කරගෙන යන විට මෙවැනි චෝදනා කිරීම පිළිබඳව කණගාටු වන බවත් කුමන චෝදනා කළත් තමන් නිර්දෝෂි යැයි දන්නා නිසා කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් පියුමි හංසමාලි මහතාමිය කීවාය.

තමන්ට බැංකුවල ගිණුම් 20 ක් නොමැති අතර තිබෙන ගිණුම් නවයක් පමණ ද ව්‍යාපාරයට අදාල ඒවා බවත් බොරු චෝදනා කළ පුද්ගලයන්ට ඒවා පළදෙන බවත් ඇය කීවාය.

තමන් සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකය තව දුරටත් විමර්ශන කරමින් සිටින බවත් ඒ හේතුවෙන් තවත් දිනයක් දැනුම් දෙන්නේ යැයි පැවසූ බවත් ඇය කීවාය.