ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කලහොත් ජයග්‍රහණය කල නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
2022 මැයි මාසයේ සිදුවූ සිදුවීම තුළින් පාක්ශිකයන් පක්ෂය පිළිබඳ සුභදායී මට්ටමක නොමැත.
එවකට රටතුල පැවති අඳුරු යුගය නිමා කර රටතුළ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කල නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය හැකිය.
කඩා වැටී තිබූ ආර්ථිකය යථා තත්වයට පත්කරමින් ජනතාවගේ අවශ්‍යතා සඳහා ක්‍රමානුකූලව මේවන විට විසඳුම් ලබාදී තිබේ.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව පැවසීය.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කලහොත් පක්ෂය දෙකට කැඩෙනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.