ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවස්ථාව අවම තත්ත්වයක

0
සුපිරි 8 දෙනාගේ වටය

නේපාලය සමග පැවැත්වීමට නියමිතව තිබු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග ශ්‍රී ලංකාවට T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවස්ථාව අවම තත්ත්වයකට පත්වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම තීරණය වන්නේ ‘ඩී’ කාණ්ඩයේ ඉතිරි තරගවල ප්‍රතිඵල මතය.

මේ වනවිට ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ නෙදර්ලන්තය සමග තරගය පමණි.

එය ජය ගත්තද ශ්‍රී ලංකාවට සුපිරි 8දෙනාගේ වටයට පිවිසීමට නම් ඩී කාණ්ඩයේ අනෙකුත් තරගවල ප්‍රතිඵල දෙස බලාසිටීමට සිදුවෙයි.

දකුණු අප්‍රිකාව සියලු තරග ජය ගැනීම, නේපාලය සහ බංග්ලාදේශය අතර තරගයෙන් නේපාලය ජයගැනීම සහ බංග්ලාදේශය සහ නේදර්ලන්තය අතර තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් වීම යන කාරණා 03 සම්පූර්ණ වුවහොත් පමණක් ශ්‍රී ලකාවට සුපිරි 8 දෙනාගේ වටයට ඉඩ විවර වෙයි.