හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හෙරත් මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඩයනාගමගේ මහත්මිය විවාහ වී සිටි සිටින බව කියන සේනකද සිල්වා වෙනත් නීත්‍යානුකූල විවාහයක් පවතින පුද්ගලයකු බවයි.
යුක්රේන ජාතික තරුණියක් හා විවාහ වී සිටින ඔහුට එම විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටින බවටද තොරතුරු ඇතැයි ඔහු කියා සිටියි.
දැනටද එම කාන්තාව මෙරට නිවසක සිටින බවත් සේනකද සිල්වා මෙම කාන්තාවන් දෙදෙනා සමගම ජීවත් වන බවත් ඔහු පවසයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
ඩයනා ගමගේට එරෙහිව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව නඩු මගට
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ එම නාලිකාවේ සජීව විකාශයක් සඳහා කාලය ලබාගෙන ඊට අදාළ මුදල ගෙවීම පැහැර හැරීම මතය.
රූපවාහිනි සංස්ථාව පවසන්නේ රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම ඇය මෙසේ පැහැර හැර ඇති බවයි.
මෙම හිඟ මුදල ගෙවන ලෙස ඇයට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද විවිධ හේතු දැක්වීමෙන් දක්වමින් ගෙවීම් පැහැර හැර තිබේ.
නවගමුව පෙරහැර සජීව ලෙස විකාශය කිරීමට ඇය රූපවාහිනියේ කාලය ලබාගෙන ඇත්තේ ඒ සඳහා වැයවන මුදල් තමන් පෞද්ගලිකව ගෙවන බවට ලිඛිත ප්‍රකාශයක්ද ලබා දෙමිනි.