ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් මැයි මස දෙවැනි සතියේ ප්‍රකාශයට පත්වන ලකුණු

0
ජනාධිපතිවරණ , අපේක්ෂකයන්

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් කවුද යන්න මැයි මස (ලබන මස) දෙවැනි සතියේදී හෙළිදරව් කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මුල් පෙළේ ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් විසින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව දීපව්‍යාප්තව සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ඇතුළත් වාර්තාව මැයි මස දෙවැනි සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට නියමිතය. එම වාර්තා සලකා බලා ජනාධිපතිවරයා සිය අපේක්ෂකත්වය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇතැයි දැනගන්නට තිබේ.

එයට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සිය සහාය පළ කරන අපේක්ෂකයා නම් කරනු ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිය පක්ෂය සුදුසු ජනාධිපති ධුර අපේක්ෂකයකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානම් බවය. ඔහු සිය පක්ෂයේ සාමාජිකයකු බවද සඳහන්ය.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය එම පක්ෂවල නායකයන් දැනටමත් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ප්‍රකාශ කර තිබේ. තවත් කුඩා පක්ෂ ගණනාවක්ද අපේක්ෂකයන් නම් කර ඇත.