රට පුරා කොවිඩි -19 මරණ කිහිපයක් සෞඛ්‍ය අංශ තැතිගනියි

0
කොවිඩි -19

රට පුරා කොවිඩි -19 මරණ කිහිපයක් හා ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් වාර්තා වීමත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ සංවේදී තත්ත්වයක් ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙනවා.

පසුගිය අප්‍රේල් (12) වනදා සිට අප්‍රේල් (17) වනදා දක්වා ගතවූ දින 5ක කාලය තුළ කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවූ බවට සැකකෙරෙන මරණ 3ක් වාර්තා වී ඇත.

කෙසේ වෙතත් එම මරණ කොවිඩ්-19 ආසාදනයෙන් සිදුවූ මරණ බවට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.

කොවිඩ්-19 බවට සැකකෙරෙන මරණ තුනක් වාර්තා වූ පමණින් අනියත බියක් ඇති කර ගත යුතු නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මේ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සදහන් කරයි.

” ඉන්ෆ්ලුවෙන්සා රෝගය වෛරසයක් නිසා ඇති වෙන එකක්. ඒ නිසා ඒක ගොඩක් බෝවෙන තත්ත්වයක් තියෙනවා. එවැනි රෝගීන් වෙනත් අයගෙන් ඈත්ව සිටීම වැදගත්. ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙනුත් ඵලක් නැහැ. මේ රෝගය සුව වෙන්න සතියක පමණ කාලයක් ගත වෙනවා.”