චන්ද්‍රිකා සිරිපාල එක්ව, සිරිසේන පක්ෂ මූලස්ථානයෙනුත් පන්නන සැලසුමක

0
චන්ද්‍රිකා සිරිපාල

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ පාර්ශ්වයන් දෙකම විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

අලුත් අවුරුද්දෙන් පසු එම පක්‍ෂ මූලස්ථානය විවෘත කර එහි බලය අල්ලා ගනිමින් පක්ෂය ගොඩනැගීම ආරම්භ කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම සඳහන් කරති.

අනතුරුව පක්ෂ ව්‍යවස්ථාව ඉක්මනින්ම වෙනස් කර ‘නායක’ තනතුරක් ඇති කරන බවද පවසන ඔවුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට තවදුරටත් පක්ෂයේ සභාපතිත්වය දැරීමට ඉඩ නොදෙන බව ද අවධාරනය කරති.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම පවසන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහාය දක්වන කණ්ඩායමට පක්ෂයේ නිල බලයක් නොමැති බවයි.

ඔවුන් විසින් සිදු කරන කටයුතු සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් සඳහන් කරති.