සටන් පාඨ හා තර්කවලට යටත් නොවී, රට සහ තාරුණ්‍ය ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනපති පහදයි

0
රට සහ තාරුණ්‍ය ඉදිරියට

සටන් පාඨ හා තර්කවලට යටත් නොවී, රට සහ තාරුණ්‍ය ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක් දියත්කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි.

“අපි දැන් යම් ස්ථාවරභාවයක් ඇතිකරගෙන යනවා. IMF සංවිධානය අපි බංකොළොත් ලැයිස්තුවෙන් අයින් කරලා. අනාගතය ගැනයි දැන් හිතන්න තියෙන්නේ. අපි හිතනදේට වඩා ඔබ හිතනදේ වැදගත්. මට ඔබේ අදහස් ලබාදෙන්න කවුද නිවේදක වෙන්නේ?. මම වාඩිවෙලා අහන් ඉන්නම් කවුද ප්‍රශ්න කරන්න කැමති.” 

ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව

සමුළුවට පැමිණ සිටි අයෙක් – ඔබතුමාගෙන් මම බලාපොරොත්තුවනවා අධ්‍යාපනවේදීන්ට හොඳ වැඩපිළිවෙළක් එක්ක උතුරු මැද පලාතට සුබදායක පිළිතුරක් ලැබෙනවානම් හොඳයි කියලා.

ජනාධිපතිවරයා – බස්නාහිර පලාතේ 2300ක් අරගත්තා. තව 700ක් ගන්න ඉන්නවා. 4000කට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දන්නේ නැහැ උතුරු මැද පළාත ගැන. එන්න එන්න ඔයා ඇවිත් කියන්න දැනට සම්මුඛ සාකච්ඡා යනවා කිව්වා. මෙයා කියනවා සම්මුඛ සාකච්ඡාවට කැඳවුයේ නැහැ කියලා. මට කරුණු ටික ලියලා දෙන්න. තේරුවේ නැත්නම් දේශපාලනය කරන්න බැහැ

සමුළුවට පැමිණ සිටි අයෙක් – ජනාධිපතිතුමනි වසර ගණනක් තිස්සේ නොච්චියාගම ප්‍රදේශය හරහා ගමන් කරන පාරක් තියෙනවා. නමුත් මේ පාරේ වලවල් හැදිලා පයින් යන්නවත් බැරි තත්ත්වෙට ඇවිත්

ජනාධිපතිවරයා – මම සැකකරුගෙන් අහන්නම් මොකක්ද වෙන්නේ කියලා

සමුළුවට පැමිණ සිටි අයෙක් – අපි නගර සභාවේ, ප්‍රාදේශීය සභාවේ අනියම් සේවකයෝ අපේ 8430ක් ඉන්නවා. කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා.හැමදාම ස්ථිරවෙනවා කියනවා. දැන් අවුරුදු 10 ක් මගේ සේවා කාලය. දවසින් දවසට වයසට යනවා. 

ජනාධිපතිවරයා – මම දන්නවා කොටසක් අනුමත කරලා තිබුණා. කොටසක් අනුමත කරලා තිබුණේ නැහැ. පසුව අනුමත කරනවා කියලා තියෙනවා.

සමුළුවට පැමිණ සිටි අයෙක් – ඔබතුමා අපිව ස්ථිර කරන්න පිං සිද්ධ වෙනවා.

සමුළුවට පැමිණ සිටි අයෙක් – අපි තරුණියන් වශයෙන් ඔබතුමාට කැමතියි.දැනගන්න කැමතියි රජරට තරුණියන් වෙනුවෙන් ඉදිරි සැලැස්ම ගැන?

ජනාධිපතිවරයා – බංකොලොත්භාවයෙන් පිටවුණාම ආපහු බැංකුවත් එක්ක ගනුදෙනු කරයි, සමාගම් අපිත් එක්ක ගනුදෙනු කරයි.රට දියුණුවෙයි. එතැන සිට අපි කොහොමද ඉදිරියට යන්නේ? කොහොම අනාගතයක්ද වුවමනා? අපි මේ තත්ත්වෙට ආපහු වැටෙනවාද නැද්ද? කවුද මෙතන ඉන්න කැමති අය? කැමතිද? අපොයි නැහැ කියනවා. හැම දේශපාලන පක්ෂයකින්ම අහන්න කෙලින් කියන්න කියලා මොකක්ද කරන්නේ කියලා. අපි ගත් ගිවිසුම තියෙනවා ද නැද්ද? ඉස්සරහට යනවාද නැද්ද? මොකක්ද අනාගතයේ තියෙන්නේ? 

මැයි මාසය වනවිට ප්‍රතිව්‍යුහගතකිරීමේ නීතිය නමින් අලුත් නීතියක් ගේනවා. ඒක සම්මත කරගන්න. ඒක සම්මත කළාම තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. 2042 වනතුරු කල්ගන්න. ණය ගන්න ප්‍රමාණයෙන් කොටසක් අයින් කරන්න. ඒ වැඩ කටයුත්ත කරනවානම් අපි ඉදිරියට යා යුතුයි. අපනයන ආර්ථිකයක් ඇතිකරන්න. මෙය භාරගෙන යනවානම් මම හිතන්නේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනවා. නැත්නම් අපි හැමෝම සටන් පාඨවලට යටවෙනවා. විවිධ තර්කවලට යටවෙනවා. රට මොකක්ද කරන්නේ කියලා අපිට අමතක වෙනවා.