අනුර කුමාර ඉල්ලා අස්වේ

0
අනුර කුමාර

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.

එහි නව සභාපතිවරයාට විරෝධය පළ කරමින් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත.

ඔහු සමග මේවන විට එම කාරක සභාවේ විපක්ෂය නියෝජනය කරන ලද මන්ත්‍රීවරුන් දස දෙනෙකු සමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

එම කාරක සභාව මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුගෙන් සමන්විත වෙයි.

රෝහිත අබේගුණවර්ධන මහතා එහි සභාපතිවරයා ලෙස පත්කිරීම මෙම මතභේදයට හේතු වී ඇත.