විස්සයි විස්ස දෙවැනි තරගයේ ජයග්‍රහණය බංග්ලාදේශයට

0
විස්සයි විස්ස

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (06) පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ ජයග්‍රහණය කඩුලු 8කින් බංග්ලාදේශය සතු විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165කි.

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට ලකුණු 166ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් කඩුලු 2 ක් දැවී සිටියදී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.

ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 170ක් රැස්කරගනිමින් එම ජය හිමිකරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක නජ්මුල් නොදැවී ලකුණු 53ක් රැස්කර ගත්තේය.

පන්දුවාර ඔහුගේ 38කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.

අනෙක් අන්තයෙන් නොදැවී සිටිමින් ඔහුට සහාය වූ හ්‍රීඩෝයි පන්දු 25කදී ලකුණු 32ක් රැස්කරගනිමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමක් කළේය.

ලිටන් දාස් ලකුණු 36ක් සජ සෞම්‍ය සර්කාර් ලකුණු 26ක් රැස්කරගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දිනාගත් අතර මෙම තරගය බංග්ලාදේශය ජයගැනීමත් සමග 1-1ක් ලෙස තරගාවලියේ දෙපිලම සම තත්ත්වයේ පසුවේ.