කාන්තා ශක්තියෙන් පෑඩ් මෑන් ජයග්‍රහණය කරනවා. සජිත් සහතික වෙයි.

0
පෑඩ් මෑන්

මෙවර ජනාධිපතිවරණය කාන්තා ශක්තියෙන් පෑඩ් මෑන් ජයග්‍රහණය කරන බව සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව මෙරට සමස්ත කාන්තාවගේ සෞඛ්‍ය ගැටළුවලට සෘජුවම ශක්තිය දෙන බවද හෙතෙම පැවසීය.

පසුගිය වර තමන්ට පෑඩ් මෑන් යැයි පැවසූ බවත් එය දිගටම කියන්නයිද තමන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

කාන්තාවන් දේශපාලන ඉත්තන් කර ගැනීමට තමන් සූදානම නැති බවද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවරදී පැවැති සමගි වනිතා සමුළුව අමතමිනි.