රුපියල් කෝටි 800 ක් පිරමිඩ ජාවාරමකින් වන්චාකල යුවලක් සොයයි

0
රුපියල් කෝටි 800

රට පුරා ප්‍රදේශ රැසක ජනතාව රවටමින් රුපියල් කෝටි 800ක පමණ මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

රට තුළ වෙළඳ ප්‍රජාවක් නිර්මාණය කරන්නේ යැයි පවසමින් මෙසේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් විසි දෙදහසක් පමණ රවටා මුදල් ලබාගෙන ඇති බව හෙළි වී ඇත.

මෙම ක්‍රමය පිරමීඩ ආකාර ගනුදෙනුවකට බොහෝ සෙයින් සමාන බව හඳුනාගෙන ඇති අතර රට පුරා පොලිසි වලට පුද්ගලයන් රැසක් මේ පිළිබඳව පැමිණිලි කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුව පාර්ශවයෙන් ද මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් ඇති බව පැවසෙනවා.

මෙම පුද්ගලයා පිරිස් රැස් කර තමන්ට විදේශ සබඳතා ඇති බවටත් ආචාර්ය උපාධියක් ඇති බවටත් හඟවමින් දේශන පවත්වා ඇති බව ද වාර්තා වේ.

ඉන් පසුව ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සමාගමක ආයෝජනය කර ඉන්න ලැබෙන කොමිස් මුදල් ප්‍රතිලාභ වශයෙන් ලබාදෙන බව පවසමිනි.