ගාසා තීරයේ සටන් විරාම යෝජනාවට එරෙහිව ඇමරිකාවේ නිෂේධ බලය භාවිතා කරයි. චීනයේ දැඩි විරෝධය

0
ගාසා තීරයේ සටන් විරාම

ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ යෝජනාව නිෂේධනය කිරීම සම්බන්ධයෙන් චීනය විසින් එක්සත් ජනපදය දැඩි ලෙස විවේචනය කරනු ලැබීය.

චීනය පැවසුවේ මෙම පියවර මගින් “වැරදි පණිවිඩයක්” යවන ලද අතර ඵලදායී ලෙස “ඝාතන අඛණ්ඩ සිදුකිරීම සඳහා කොළ එළියක්”ලබා දුන් බව ය.

ධවල මන්දිරය පැවසුවේ ඇල්ජීරියාව විසින් ගෙනඑන ලද මෙම යෝජනාව යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා “අනතුරුදායක” තත්ත්වයකට පත් කරන බවයි.

එක්සත් ජනපදය තමන්ගේම තාවකාලික සටන් විරාම යෝජනාවක් යෝජනා කර ඇති අතර, එමගින් රෆා නගරය ආක්‍රමණය නොකරන ලෙස ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබේ.

දැනට පලස්තීන ජාතිකයන් මිලියන 1.5ක් පමණ රෆාහි දිවි ගෙවන අතර එය ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමට පෙර පැවති අගය මෙන් පස් ගුණයකට වඩා වැඩි අගයකි.
ඇල්ජීරියාවේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකුගේ සහාය ලැබුණි – එක්සත් රාජධානිය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඇල්ජීරියාවේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකුගේ සහාය ලැබුණි – එක්සත් රාජධානිය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ආරක්ෂක කවුන්සිලයේ නීතිවලට අනුව, එක්සත් ජනපදය ද ඇතුළත් එහි නිත්‍ය සාමාජිකයන් පස්දෙනාගෙන් එක් අයෙකු විසින් නිෂේධ බලය භාවිත කරන ඕනෑම යෝජනාවක් වහාම ඉවත දමනු ලැබේ.

ඊශ්‍රායලය රෆා ගොඩබිම් ප්‍රහාරයට දින නියම කරයි

හමාස් සංවිධානය මාර්තු 10 වැනිදා වන විට ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් රෆාහි ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරන බවට ඊශ්‍රායල් යුද කැබිනට් මණ්ඩලයේ සාමාජික බෙනී ගැන්ට්ස් අනතුරු අඟවා තිබේ.

රාමසාන් – ඉස්ලාමීය උපවාසයේ ශුද්ධ වූ මාසය – මාර්තු 10 වැනිදා දින ආරම්භ වේ.

ගාසා තීරයේ ජනාකීර්ණ දකුණු නගරයට තම හමුදා ඇතුළු වන්නේ කවදා දැයි ඊශ්‍රායලය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි.

මිලියන 1.5ක් පමණ පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින රෆාහි එවැනි ප්‍රහාරයකට එරෙහිව ගෝලීය විරෝධය වර්ධනය වෙමින් තිබේ.

මීට පෙර, එක්සත් ජාතීන්ගේ මහජන සෞඛ්‍ය ඒජන්සිය ප්‍රකාශ කළේ ඊශ්‍රායල් හමුදා වැටලීමකින් පසු ගාසා තීරයේ ප්‍රධාන රෝහලක කටයුතු අඩපණ වූ බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියා සිටියේ එහි තත්ත්වය තක්සේරු කිරීම සඳහා රෆා නගරයට උතුරින් පිහිටි ඛාන් යුනිස් හි නසාර් රෝහලට ඇතුළු වීමට තමන්ට අවසර දී නොමැති බවයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පසුගිය බ්‍රහස්පතින්දා එම රෝහල් සංකීර්ණයට ඇතුළු වුයේ හමාස් විසින් ප්‍රාණ ඇපකරුවන් එහි රඳවා සිටින බව බුද්ධි තොතුරු මගින් අනාවරණය වන බව පවසමිනි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් සිය මෙහෙයුම “නිශ්චිත හා සීමිත” එකක් ලෙස විස්තර කර ඇති අතර, හමාස් විසින් “ත්‍රස්තවාදී කටයුතු සඳහා රෝහල් භාවිතා කරන” බවට චෝදනා කර සිටියේය.

ඊශ්‍රායල් හිටපු ආරක්ෂක අමාත්‍ය ගැන්ට්ස් මෙසේ පැවසීය: “ලෝකය දැනගත යුතුයි..හමාස් නායකයින් දැනගත යුතුයි – රාමසාන් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවෝ නිවසට නොපැමිණිය හොත් , රෆා ඇතුළුව සෑම තැනකම සටන් දිගටම පවතී”.

හමාස් සංවිධානයට එරෙහිව එල්ල කිරීමට සැරසෙන පුළුල් ප්‍රහාරයකට පෙර රෆාහි සිවිල් වැසියන් ඉවත් කිරීමට සූදානම් වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුදාව වෙත නියෝග කර ඇත.
දැනට පලස්තීන ජාතිකයන් මිලියන 1.5ක් පමණ රෆාහි දිවි ගෙවන අතර එය ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමට පෙර පැවති අගය මෙන් පස් ගුණයකට වඩා වැඩි අගයකි.

ඊශ්‍රායල් ආක්‍රමණයක් අභිමුව සිටින පලස්තීන සරණාගත නගරය

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රෆා නගරයේ මහා පරිමාණ යුද්ධ මෙහෙයුමක් දියත් කරනු ලැබුවහොත් එහි ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

හමාස් සංවිධානයට එරෙහිව එල්ල කිරීමට සැරසෙන පුළුල් ප්‍රහාරයකට පෙර රෆාහි සිවිල් වැසියන් ඉවත් කිරීමට සූදානම් වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුදාව වෙත නියෝග කර ඇත.

හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, ඊශ්‍රායලය පෙබරවාරි 11 වන දින රැයක් පුරා [රෆා] නගරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ අතර එයින් අවම වශයෙන් පුද්ගලයින් 67 දෙනෙක් මිය ගියහ.

හමාස් සටන්කාමීන් සඳහා ඉතිරිව ඇති අවසාන බලකොටුව රෆා බව ඊශ්‍රායලය තර්ක කරයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට වඩා ඒ වෙත පළා ගොස් ඇති අතර එය ආධාර මෙහෙයුම් ක්‍රියාත්මක වන ප්‍රධාන මධ්‍යස්ථානය බව ය.

ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ දෙනෙක් රෆා වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙස අනතුරු අඟවන පසුබිමක අපි එම නගරය, එහි දිවි ගෙවන ජනතාව සහ එහි ඉතිහාසය පිළිබඳව සොයා බලමු.

Rafah
ගාසා තීරයේ දකුණේ රෆාහි දැනට පලස්තීන වැසියන් මිලියන 1.5 ක් ජීවත් වෙති

රෆා පිහිටා ඇත්තේ කොහේ ද?

රෆා පිහිටා ඇත්තේ කොහේ ද?

රෆා යනු, ගාසා තීරයේ දකුණු දෙසට වඩා ත් බරව පිහිටා ඇති නගරය යි. ආණ්ඩුකාරවරයෙකු යටතේ පාලනය වන රෆා ඊජිප්තුවට සහ ඊශ්‍රායලයට මායිම්ව පිහිටා ඇත. එනම්, එම නගරය ගාසා-ඊජිප්තු දේශසීමාවේ පිහිටා ඇත.

එහි දැනට පලස්තීන ජාතිකයන් මිලියන 1.5ක් පමණ දිවි ගෙවන අතර එය ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමට පෙර පැවති අගය මෙන් පස් ගුණයකට වඩා වැඩි අගයකි.

රෆාහි වපසරිය වර්ග කිලෝමීටර් 60ක් පමණ වන අතර එය නිව් යෝර්ක්හි මෑන්හැටන් නගරයට සමාන වේ.

ගාසා තීරය සහ ඊජිප්තුව අතර ඇති එක ම දේශසීමා හරස් මාර්ගය රෆාහි පිහිටා ඇති අතර ගාසා තීරයට ආධාර ලබා ගැනීම සඳහා දශක ගණනාවක් තිස්සේ එය භාවිත කර ඇත. යුද්ධයට පෙර සිය ගණනක් ට්‍රක් රථ දිනපතා ගාසා තීරයට ඇතුළු වීමට මෙම මාර්ගය භාවිත කළේ ය.

අතීතයේදී, ගාසා තීරයට භාණ්ඩ ගලා ඒම සීමා කළ ඊශ්‍රායල-ඊජිප්තු අවහිරය මගහැර ජාවාරම් කිරීම්ට භාවිත කළ උමං මාර්ග විශාල ගණනක් මෙම දේශසීමාවට යටින් පිහිටා තිබිණි. මෙය වෙළෙඳාම සහ ආර්ථිකය සම්බන්ධයෙන් රෆා වැදගත් ස්ථානයක් බවට පත් කළේ ය.

මෑත වසරවලදී ඔවුන් ජාවාරම් කිරීම අවසන් කර උමං විනාශ කළ බවට ඊජිප්තු හමුදාව පැවසුව ද උමං කොපමණ ගණනක් ඉතිරිව තිබේ ද යන්න අපැහැදිලි ය.

රෆාහි ඉතිහාසය

Palestinian refugees shop in the old Arab market in Rafah in 1975
පලස්තීන සරණාගතයින් 1975 දී රෆාහි පැරණි අරාබි වෙළඳපොලේ සාප්පු සවාරි යන අයුරු

රෆා යනු, ගාසා තීරයේ පැරණි ඓතිහාසික නගරවලින් එකකි. එය පාරාවෝවරුන්, ඇසිරියානුවන්, ග්‍රීකයන් සහ රෝමවරුන් විසින් යටත් කර ගනු ලැබ ඇත.

එය 1917 සිට 1948 දක්වා ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කරන තෙක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතිණි.

ඉන් පසුව අරාබි රටවල් සමග යුද්ධයක් ඇති වූ අතර, සටන අවසන් වූ විට, රෆා සහ ගාසා තීරයේ ඉතිරි කොටස ඊජිප්තුව විසින් පාලනය කෙරිණි.

ඉන් පසුව, 1967 යුද්ධයේදී [සය දින යුද්ධය ලෙස හැඳින්වේ] ඊශ්‍රායලය ගාසා තීරය සහ ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය මෙන් ම බටහිර ඉවුර, ගෝලාන් කඳුකරය සහ නැගෙනහිර ජෙරුසලම යන දෙක ම අත්පත් කර ගත් බැවින් නගරය පාලනය කළේ ය.

පසුව, 1979 වසරේදී ඊජිප්තුව සහ ඊශ්‍රායලය සාම ගිවිසුමකට එකඟ වූ අතර, ඒ යටතේ සීනයි නැවත ඊජිප්තුව යටතට පත් විය. රෆා බෙදී ගිය අතර, ඉන් කොටසක් ඊජිප්තුවේ සහ තවත් කොටසක් ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ගාසා තීරයට අයත් වේ. එහි දිවි ගෙවූ පවුල් වෙන් කරමින් කටුකම්බි වැටක් නගරයේ ඉදි කෙරිණි.

ගාසා තීරයේ අනෙකුත් ප්‍රදේශ කිහිපයක මෙන් ම, 1948 යුද්ධයේදී තම නිවෙස්වලින් පළා ගිය හෝ බලහත්කාරයෙන් පිටමං කෙරුණු දහස් ගණන් පලස්තීන සරණාගතයින් සහ ඔවුන්ගෙන් පැවත එන්නෝ රෆාහි වාසය කරති.

රෆා

දැන් එතන මොන වගේ ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් ප්‍රමාණවත් ඉඩක් නොමැති රෆා වෙත ගාල් වී ඇතැයි පවසන අතර එක්සත් ජාතීන්ගේ සහන සම්බන්ධීකාරක මාර්ටින් ග්‍රිෆිත්ස් එහි ජීවන තත්ත්වයන් “අතිශයින් ම ඛේදනීය” ලෙස විස්තර කරයි.

“ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා පවා සපුරා ගන්න බැහැ. කුසගින්නෙන්, රෝගවලින් සහ මරණවලින් ඔවුන් පීඩා විඳිනවා,” ඔහු පැවසීය.

අවතැන් වූ ජනතාව ජීවත් වන්නේ වීදිවල, පාසල්වල සහ කූඩාරම්වල ය. බීබීසීය විසින් සිදු කරන ලද චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය අනුව (ඉහත පෙනෙන පරිදි), යුද්ධය ආරම්භයේ සිට රෆාහි කූඩාරම් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරයි.

අවතැන් වූ ජනතාව ජීවත් වන්නේ වීදිවල, පාසල්වල සහ කූඩාරම්වල ය. බීබීසීය විසින් සිදු කරන ලද චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය අනුව (ඉහත පෙනෙන පරිදි), යුද්ධය ආරම්භයේ සිට රෆාහි කූඩාරම් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරයි.

අබු රුෂ්ඩි අබු ඩකින් වැනි මෙහි සිටින බොහෝ දෙනෙකු ඊශ්‍රායල හමුදා දකුණට යන ලෙසට දුන් නියෝගයෙන් අනතුරුව ගැටුම් හේතුවෙන් උතුරේ සිට පැමිණ ඇත.

“අපි සෑහෙන්න දුක් වින්දා,” අබු ඩකින් බීබීසීයට පවසයි. “මම ගාසා නගරයෙන් හමාඩ් වෙත ගිහින් ඛාන් යූනිස් ආවා. ඛාන් යුනිස් ඉඳලා රෆා වෙත ආවා. ඒත් කොච්චර කාලයකට ද?” ඔහු එලෙස ප්‍රශ්න කරන්නේ, ඊශ්‍රායලයේ ගොඩබිම් ප්‍රහාරයක් පිලිබඳ තර්ජනය ගැන කන වැටීමෙන් පසුව ය.

ඊශ්‍රායල දේශ සීමාවට ආසන්නව නැගෙනහිර දෙසින් "ආක්‍රමණයකට" නිරාවරණය වේ යැයි බියෙන් රෆාහි බොහෝ අවතැන් වූවන් බීබීසීයට පවසන්නේ, මධ්‍යධරණී මුහුද අසල නගරයේ බටහිර කොටසේ රැඳී සිටීමට තමන් කැමති බව ය.

ඊශ්‍රායල දේශ සීමාවට ආසන්නව නැගෙනහිර දෙසින් “ආක්‍රමණයකට” නිරාවරණය වේ යැයි බියෙන් රෆාහි බොහෝ අවතැන් වූවන් බීබීසීයට පවසන්නේ, මධ්‍යධරණී මුහුද අසල නගරයේ බටහිර කොටසේ රැඳී සිටීමට තමන් කැමති බව ය.

රෆා මධ්‍යම රෝහල, කුවේට් විශේෂිත රෝහල සහ මාටර් අබු යූසෆ් අල්-නජාර් රෝහල ඇතුළුව විවෘතව ඇත්තේ රෝහල් කිහිපයක් පමණක් වන අතර ඒවා සියල්ල ම මූලික වෛද්‍ය සැපයුම් නොමැති විදුලි බිඳවැටීම්වලට එරෙහිව සටන් කරන රෝහල් වේ.

ජාත්‍යන්තර හෙළා දැකීම් නොතකා ඊශ්‍රායල අගමැති නෙතන්යාහු රෆාහි ගොඩබිම් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමත් සමග, රෆාහි බොහෝ වැසියන් අබු ඩකින් මෙන් නගන ප්‍රශ්නය වන්නේ: “හැම ගාසා වැසියෙක් ම ඉන්නේ මෙහේ. අපිට යන්න පුළුවන් කොතනට ද?”

පුද්ගලයන් 1,200ක් මිය ගොස් 250ක් පමණ ප්‍රාණ ඇපයට ගත් ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් දියත් කරන ලද සිය මෙහෙයුමේදී සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමට උත්සහ කරන බව ඊශ්‍රායලය පවසයි.

යලි සලකා බැලීමක් කරන ලෙසට බාහිර පාර්ශව වලින් කරනු ලබන ඉල්ලීම් නොතකා තම හමුදා ගාසාහි රෆා නගරය වෙත ඉදිරියට යනු ඇතැයි ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය නෙතන්යාහු තම හමුදාවට අණ කර ඇත්තේ ගොඩබිම් ප්‍රහාරයකට සූදානම් වන ලෙසයි.

BBC NEWS