බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් පැන යයි

0
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයකු ගමන් ගත් මෝටර් රථයක් පිටුපස තංගල්ල පොලිස් නිලධාරීන් පිරිසක් හඹා යද්දී සැකකරු දුම්මලසූරිය නගරාසන්නයේ තුංතොට පාලම අසළ මෝටර් රථය දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකරු අකුරැස්ස ප්‍රදේශයේ හෝටලයක සිටියදී තංගල්ල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී මේ පිලිබඳ ඉව වැටුණු සැකකරු මෝටර් රථයෙන් පැන ගොස් ඇති අතර පොලිසියෙන් බේරිමට බැරි වූ තැන මෝටර් රථය – තුංතොට පාලම අසල රථය දමා පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෝටර් රථය මේ වනවිට පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දුම්මලසූරිය පොලීසියේ සහාය ඇතිව තංගල්ල පොලිස් නිලධාරීන් විසින් දැනටමත් මෙහෙයුමක් ආරම්භ කොට ඇත.