විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ හානිය බලන්න ගිය පිරිසට පහරදීමක්

0
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ

කෝමාරික් වගාවක් සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපයේ  වනය එළකිරීමක් සම්බන්යෙන් සොයා බැලීමට එහි ගිය සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනනද සාගර හා ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියංවෙල ශාසන රතන හිමිවරුන් ඇතුළු පිරිසකට විරෝධය පෑමත්සමග එහි දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති විය.

එහි  දී ගම්වාසීන් පිරිසක් භික්ෂූන් වහන්සේට සහ තවත් අයකුට පහරදීමක් සිදු කළ අතර ඔහුන් ගමන් ගත් වාහනයකට ගල් ගසා අලාභ හානි සිදු කර ඇත.

විල්පත්තු අභය භූමිය කෝමාරිකා වගාවකට යැයි පවසමින් අවස්ථා කීපයකදී එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන්  තමන් වහන්සේ වගකිව යුතු ආයතනවලට පැමිණිලි කළද  මෙතෙක් එම කටයුතු නතර කර නැති බව පිහියන්ගල ආනන්ද සාගල හිමියෝ පැවැසූය.

මෙම පහරදීම සම්බන්ධයෙන් මහින්තලා රජමහා විහාරාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නය මිහින්තලේ පොලිසියට පැමිණිල්ක් ද කළහ.