ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන පුද්ගලයා ගැන හරීන් කියයි

0
නව ජනාධිපතිවරයා

මාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයා මේ රටේ පත්වෙන බවත් ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

කව්රුන් අකමැති වුව ද අකමැත්තෙන් වුවත් ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතා එක වතාවක් හෝ ජනාධිපති කරවීම සඳහා රටේ ජනතාවට වගකීමක් පැවරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ දිනවල ජනතාව තිත්ත බෙහෙත් බිව්වද දැඩිසත්කාරයේ සිටි රෝගියා වාට්ටු කාමරයට දමා තිබෙන නිසාවෙන් නැවත දැඩි සත්කාර ඒකකයට යනවාද තීරණය කලයුතු බවද හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන උරුමය නමින් ඔප්පු මිලියන දෙකක් ප්‍රධානය කිරීමේ ජාතික උත්සවය 05 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කොට තිබේ. එහි වැඩසටහනේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු මහතා 03 දින මේ බව සඳහන් කළේය.

ඉදිරියේ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් රටේ මැතිවරණවලින් සියයට තුනක් ගත් කණ්ඩායම් තවත් සියයට 47 ක් සොයා ගැනීම සිහිනයක් බවත් එම සිහින කිසිදු දිනක සැබෑ නොවන බවත් හරීන් ප්‍රනන්දු මහතා පෙන්වා දුන්නේය.

ලෝකයේ රටක් බංකොලොත් වෙද්දි කෙටිම කාලයකින් ගොඩදැමු එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවද පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ රෝගියෙකු මිය යෑමට දරද්දී තිත්ත බෙහෙත් ලබාදීමට සිදුවන බවය.

රෝගීන් සුවපත් කරන හොඳම වෛද්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුට තවත් එක අවස්ථාවක් රටේ ජනාධිපති ලෙස අකමැත්තෙන් වුවත් ජනතාවට පත්කර ගැනීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.