ඇෆ්ගනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව නොසිතූ ප්‍රහාරයක

0
ඇෆ්ගනිස්තාන කණ්ඩායම

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී පන්දුවට පහරදෙමින් සිටින Ibrahim Zadran පන්දු 217කදී හතරේ පහර 11ක් සමග ලකුණු 101ක් රැස්කරගෙන සිටී.

ඔහුට අගනා සහායක් ලබාදෙමින් පන්දුවට පහරදෙමින් සිටින පළමු ඉනිමේ ද ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah පන්දු 98කදී හතරේ පහර 5ක් සමග ලකුණු 46ක් රැස්කරගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටී.

අසිත ප්‍රනාන්දු ලකුණු 35කදී එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

Noor Ali Zadran අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 47ක් රැස්කරගෙන සිටියදී ඔහුව කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගැනීමට අසිත ප්‍රනාන්දු සමත්විය.

ඇෆ්ගනිස්තානය සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 198ක් පමණි.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 439ක් රැස්කරගත්තේය.

ඒ අනුව 3 වන දිනය නිමාවේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 42ක් පසුපසින් සිටියේය.