ඔක්තෝබර් 17 ට පෙර ජනපතිවරණය අනිවාර්යයි අනුර කුමාර ජනපති වන දින රාත්‍රියේ සිදුවන දේ හෙළිවෙයි

0
ජනපතිවරණය අනිවාර්යයි අනුර කුමාර

මීළඟ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස තේරී පත්වන බව සියයට සීයක් විශ්වාස බව එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මීළඟ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් දාහත්වැනිදාට පෙර කැඳ විය යුතුව ඇති බවත් එය කල්දැමීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර දිසානායක මහතා බව මේ වන විටත් ඒකමතිකව තීන්දු කර අවසන් බවත් වෙනත් අය විවිධ කතා පැවසුවද ඒවා වලංගු නැති බවත් ඔහු කියා සිටී.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනත් දින රාත්‍රියේම වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් සඳහා මහ මැතිවරණයක් කැඳවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පලකර ඇත.