සමගි ජන බලවේගය අනුර කොපි කරයි. රණවිරු සමුළුවක් කැඳවයි

0
රණවිරු සමුළුව

රටේ සුපිරි ධනවතුන් කෝටිපතියන් 1212ක් කෝටියකට වඩා බදු පැහැර හැර ඇති මුත් සාමාන්‍ය ජනතාව වැට් බදු වැඩි කිරීම නිසා 30000කට වැඩි බදු මාසිකව ගෙවන බවත් මහජන සහ ලංකා බැංකුවෙන් ඇප නොමැතිව ණය ගත් සුපිරි කෝටිපති ආයතන ණය නොගෙවා රටට විශාල පාඩුවක් කර ගජමිතුර දේශපාලනඥයන් හරහා රටට වාසිදායක ගිවිසුම් සකස් කරමින් ණය පැහැර හරිමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එහෙත් පරාටේ නීතිය ගෙනවිත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ පුද්ගලික දේපල වෙන්දේසි කරන බවත් මේ තත්ත්වය නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ ජනතාව මිනිමරු ත්‍රස්තවාදයෙන් මුදවා ඇස් ඉස් මස් ලේ රට දැය වෙනුවෙන් පූජා කර ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට ඉටුකළ දැවැන්ත අමරණීය සේවාව සමගි ජන බලවේගය කිසිදා අමතක නොකරන බවත් එසේ මුදවා ගත් රටේ නායකයෝ ක්‍රියාත්මක කළ ආර්ථික ත්‍රස්තවාදයෙන් මහබැංකු අරමුදල්වලට පිට් පොකට් ගැසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රට දේශපාලන නායකයන්ගෙන් ආර්ථික ත්‍රස්තවාදය ට යටවී ඇති බවත් දූෂිත විනාශකාරී අල්ලස හොරකම ක්‍රියාත්මක කරමින් යන මේ ආර්ථික ත්‍රස්තවාදය මුලින් උපුටා දමන්න සුවිශේෂී කාර්යභාරයක් රණවිරුවන්ට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නැවතත් වරක් රටට මානුෂීය මෙහෙයුමක් අවශ්‍ය බවත් ඒ තුළින් හොරකම වංචාව තුරන් කර රටේ සම්පත් රටේ දියුණුවට යොදා ගෙන සෞභාග්‍යය සම්පන්න රටක් නිර්මාණය කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ 28 කැගල්ලේ පැවැති රණවිරු සමුළුව අමතමිනි.

රටෙ බදු බර වැඩි කර අසාධාරණ යුගයක් නිර්මාණය කර ඇති බවත් මේ නිසා ලක්ෂ 220 ජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇති බවත් ආර්ථික ත්‍රස්තවාදීන් රටේ අයිතිය සින්නක්කරවම තමන්ට ලියා ගෙන රාජය දේපල අවභාවිත කිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව තමන්ගෙ ප්‍රජාතන්ත්‍රීය අයිතිය ක්‍රියාත්මක කිරීමේදී රජය රාජය කේන්ද්‍රීය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

30 වැනි දා රටේ ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය මහපාරට බහින බවත් එය ආරංචි වී බිය වී 4 වැනිදා පැවැත්වෙන නිදහස් උත්සවය නිමිත්තෙන් මේ මොහොතේ සිටම නව ට්‍රැෆික් සැලසුම් සකස් කර ප්‍රජාතන්ත්‍රීය අයිතිය නැති කිරීමට රජය කටයතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහ පාරට බැස අයිතිය වෙනුවෙන් කතා කිරිම මුලික අයිතියක් බවත් එය නැති කරන්න ජනපතිවරයාට පවා නොහැකි බැවින් 30 වැනි දා සමගි ජන බලවේගය මහපාට බසින බවත් කුමන බාධක පැමිණියත් එය සිදු කරන බවත් එම අයිතිය උල්ලංඝනය කල හොත් සමගි ජනබලවේග රජයක් තුළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ රජය ජනතාවගේ තොරතුරු වසන් කරන නෛතික ක්‍රියමාර්ග ගෙන ඇති බවත් මාර්ගගත සුරක්ෂිතබාව යනුවෙන් පනත් ගෙන විත් ඇති නිසා රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කර ඇති බවත් මේ ඒකාධිපති ආඥාදායක හිට්ලර් පාලනය රටට ලැබෙන ආයෝජන පවා නැති කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැල් පාලමෙන් ජනතාව සහ රට ගොඩ ගන්නවා වෙනුවට තමන්ගේ හිතමිතුරන් වැල් පාලමෙන් ගොඩ දමා ඇති බවත් සිංගප්පූරුවක් කරන බව පැවසුවත් එය ජනතාවට නොව ආණ්ඩුවට පමණක් සීමා වී ඇති බවත් වරායේ ඇති රාජ්‍ය නාවුක යාත්‍රා උපයෝගී කර ගෙන මුහුද මැදට ගොස් සාද පවත්වමින් ජනතාව හොරු රකිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙවැනි හොරුන් සමග සමගි ජන බලවේගයට සම්බන්ධතා නොමැති නිසා අගමැතිකම් ජනපතිකම් බාර නොගත් බවත් ජනතා වරමින් පමණක් එම තනතුරු බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රජය ලහිලහියේ රණවිරැ කප්පාදුවකට සැරසෙන බවත් එය සිදු කරන්නෙ රණවිරුවන්ගේ අනාගතය ගැන නොසිතා බවත් එසේ සිදු කිරීමට එරෙහිව සමගි ජන බලවෙිගය විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ දී සමගි ජන බලවේග කැගලු රණවිරු සමුළුවේදී උතුරු පළාත් ආඥාපති අද්මිරාල් ඩී. එම්. එස් දිසානායක, බටහිර ප්‍රදේශ ආඥාපති අදිමිරාල් එන්. කේ. ඩී. නානායක්කාර, අධ්‍යකෂ ජනරාල් සෞඛය සර්ජන් (වෛද්‍ය) අද්මිරාල් ජී.එස්. ආර්. ජයවර්ධන, දකුණු ආඥාපති අද්මිරාල් හරේන්ද්‍ර ඒකනායක, ආඥාපති වයඹ පළාත් අද්මිරාල් ඩී එන්. එම්. එල්. ඒ. දිසානායක සහ ඊසාන දිශා ආඥාපති මහින්ද මහවත්ත යන හමුදාවේ ඉහළ නිලධාරින් රැසක් සමගි ජන බලවේග රණවිරු සමුළුව හා එක්විය.