පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ පවුලට ලැබුනු වන්දි මුදල මෙන්න

0
අනුරාධ ජයකොඩි

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත.

මේ අතර, මිය ගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට ද උසස් කර තිබේ.

පෙරේදා (25) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක, පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා ජීවිතක්ෂයට පත් වූහ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ පසුගිය 25වැනිදා සිදු වූ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් ජේ. ඒ්. අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදුකෙරුණි.

ඒ මහනුවර මරවනාගොඩ පොදු සුසාන භූමියේදී ය.