බෙලිඅත්තේ දී පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක් සියල්ල හෙළිවෙයි

0
බෙලිඅත්තේ දී පුද්ගලයින් 5 දෙනෙකු

බෙලිඅත්තේ දී පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම කොස්ගොඩ සුජීගේ උපදෙස් මත බූස්සේ හර්ෂ විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අනාවරණ වි තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබීමට හේතුව මත්කුඩු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බවට ද කරුණු වාර්තා වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කෙරෙන අතර, ඝාතකයින් පැමිණි බවට සැකකරන පැජරෝ වර්ගයේ ජීප් රථය ද ගාල්ල ප්‍රදේශයේ පිරිවෙනක තිබී සොයා ගෙන තිබෙනවා.

අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු 5 දෙනෙකු, තංගල්ල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩවුකට පෙනී සිටීම සඳහා යමින් සිටියදී පසුගිය සඳුදා පෙරවරුවේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියා.

ටී පනස් හය ගිනි අවි යොදාගනිමින් මෙම ඝාතන සිදුකර ඇත්තේ පළපුරුදු වෙඩික්කරුවන් විසින් බවයි පොලිසිය පැවසුවේ .

මේ සම්බන්ධයෙන් කණ්ඩායම් 6ක් යටතේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය වෙඩිතැබීමට අදාළව සැකකරුවෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමන් කුමාර නමැති එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි වෙඩික්කරුවන් පැමිණි පැජරෝ වර්ගයේ ජීප් රථය ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ නවතා තිබියදී අද පෙරවරුවේ සොයා ගැණුනා.

සමන් පෙරේරා ඇතුළු පස්දෙනා ඝාතනය කිරීමෙන් පසු එම ඝාතකයින් රැගත් ජීප් රථය බෙලිඅත්ත හක්මන හරහා කඹුරුපිටියට මෙන්ම අකුරැස්සට ද පැමිණ තිබු අතර, අකුරැස්ස බංගම ප්‍රදේශයේ හා යක්කලමුල්ල ප්‍රදේශවලද සැරිසරා ඇති බවට මේ වන විට කරන ලද විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබෙනවා.

එම මොටර් රථය අකුරැස්ස කැටන්විල හරහා යක්කලමුල්ල මාර්ගයේ මාර්ගයේ ධාවනය කරන අයුරුද ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.

මේ අතර, අත්අඩංගුවට පත් සමන් කුමාර නමැති සැකකරුගේ අකුරැස්ස මලිදුව ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් පරික්ෂාවට ලක් කෙරුණා.

එහිදි ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය එම නිවස ආසන්නයේදි සොදා ඇති අතර, එහි තිබි වීදුරු කටු කිහිපයක් ද සොයාගත්තා.

මේ අතර, මෙම වෙඩි තැබීම කොස්ගොඩ සුජිගේ උපදෙස් මත බුස්සේ හර්ෂ විසින් විදේශයක සිට මෙහෙයවා ඇති බවට මේ වන විට කරුණු අනාවරණකරගෙන තිබෙනවා.

යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළෙක් වන මල්ලව ලංකා හේවාගේ ඉන්දික අසංක කුමාර නොහොත් මෝල් අසංක ලෙස ප්‍රසිද්ධියට පත් සැකකරු මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසුවා.

අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අත්‍යාවශයව සිටි මොහු පළපුරුදු වෙඩික්කරුවෙක් බවත්, කෙසෙල්වත්ත දිනුක, ගනේමුල්ල සංජීව, කොස්ගොඩ ජුජී ඇතුළු පාතාල කල්ලි නායකයින් කිහිපදෙනෙකුගේම කුළී වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කර ඇති බවට යි තොරතුරු වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ 2008,2010 යන වසරවලදි කරන ලද මනුෂ්‍ය ඝාතන තුනක් සම්බන්ධයෙන් ඔහුව පොලිසියට අත්‍යාවශ්‍යව සිටින සැකකරුවෙක් බවයි.

පොලිසිය පැවසුවේ මත්කුඩු සම්බන්ධ ගැටුමක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි.

මේ අතර මෙම වෙඩි තැබීමෙන් මියගිය අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරාගේ දේහය කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසට ඊයේ රාත්‍රියේදි රැගෙන එනු ලැබුවා.

වෙඩි වැදීමෙන් මිය ගිය කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිව සිටි බුද්ධික රාජපක්ෂගේ දේහයද ඔහුගේ නිවසට රැගෙනවිත් තිබුණා.

මියගිය සමන් පෙරේරාගේ සහ බුද්ධික රාජපක්ෂගේ අවසන් කටයුතු අද පස්වරුවේ මල්කඩුවාව නාගරික පොදු සුසාන භූමියේදි සිදුකෙරුණා.

මේ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ ගාල්ල ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි සමීර මධුසංක, හසිත චංසුක සහ නලින් චම්පික යන අයගේ සිරුරුද ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර තිබෙනවා.

Hiru news