ආණ්ඩුව රිවස් කල තීරණය රිවස් කල නිසා GMOA වර්ජනය රිවස් කරයි

0
GMOA වර්ජනය

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙර ගනු ලැබූ තීරණය අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට ගෙවීමට සූදානම්ව සිටි වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව ගෙවීම අවලංකු කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් අද (24) උදෑසන සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම්ව සිටියා.

කෙසේවෙතත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක සදහන් වන්නේ මීට පෙර එය අවලංගු කිරීමට නිකුත් කළ මුල් ලිපිය නව ලිපිය මගින් අවලංගු කරන බවයි.

අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිත වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ රජයේ නව තීරණය හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත් නොකර වැඩවර්ජනය අත්හිටවූ බවයි.