ජනපති සහභාගීවන නොබැඳි ජාතීන්ගේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව

0
නොබැඳි ජාතීන්ගේ

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.

සමුළුවේ මෙවර තේමාව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන්නයි.

සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රටවල් අතර ගැඹුරු අසමානතාවක් නිර්මාණය කර ඇති බැවින් යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා කඩිනමින් විසඳුම් සොයාගත යුතු බවය.

එමෙන්ම ගෝලීය දකුණේ රටවල පවතින දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂ සපුරාලන, බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමට නොබැඳි ජාතීන්ගේ සංවිධානය දායක විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අනෙක් රාජ්‍ය නායකයින් සමඟ සමූහ ඡායාරූපයකට ද එක්විය.

වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුයි ජනපති නොබැඳි ජාතීන් හමුවේ කියයි

නොබැඳි ජාතීන්

වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් උගන්ඩාවේ දී පැවසීය.

බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම, පලස්තීන රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගත යුතු යැයි කී ජනාධිපතිවරයා එමෙන්ම ගාසා හි ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක් ද සිදු නොවිය යුතු බව ශ්‍රී ලංකාවෙි ස්ථාවර බව සඳහන් කළේය.

“හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය 19 සහ 20 පැවැත්වේ.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය නායක සැසිය ඇරැඹිණි.