නව වෛරසයක් තායිලන්තයේ වවුලන් අතරින් සොයාගනී

0
නව වෛරසයක්

මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් තායිලන්තයේ වවුලන් අතරින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එම වාර්තා සදහන් කළේ තායිලන්ත ගොවීන් තම කුඹුරුවලට පොහොර පිණිස වවුල් අසූචි ලබා ගන්නා ගුහාවකින් මෙම නව වෛරසය සොයාගෙන ඇති බවයි.

වූහාන්හී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ වෛරසය සොයාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති රැස්වීමක දී නිව්යෝක්හි රාජ්‍ය නොවන සෞඛ්‍ය සංවිධානයක ප්‍රධානියෙකු වන වෛද්‍ය පීටර් ඩසාක් මහතා පවසා තිබෙනවා.