ජනපතිට ඇති විශාල ආරක්ෂාව තමා ජනපතිවූපසු විසුරුවා හරින බවට අනුරගෙන් සහතිකයක්

0
විශාල ආරක්ෂාව

මීළඟට තේරී පත් වන ජාතික ජන බලවේගය රජය විසින් දේශපාලනඥයන්ගේ මහජන මුදල් අවභාවිතය නවත්වන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වාගෙන යන විශාල ආරක්ෂාව විසුරුවා හරින බවත් භාවිතා කරන මිල අධික වාහන අතහරින බවත් හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග කාන්තා සංම්මේලනය අමතමිනි.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට හමුදා සහ පොලිස් නිලධාරින් දහස් ගණනක් යොදවා ඇතත් ඇතැම් ග්‍රාමීය පොලිස් ස්ථානවල සිටින්නේ පොලිස් නිලධාරීන් දස දෙනෙකු පමණක් බවද හෙතෙම කියා සිටියේය.

ජනාධිපති දුරයට පත්වූ පසු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව විසුරුවා ඔවුන් ගම්බද පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා ඇතුළු දේශපාලඥයන් භාවිතා කරන වාහන වල ඉන්ධන කාරක්ෂතාවය ලීටරයකට කිලෝමීටර් දෙක තුනක් බවද පැවසූ ඔහු ජාතික ජන බලවේග රජයක් යටතේ එවන් වාහන භාවිතය අතහැර දමන බව ද කියා සිටියේය.

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවීම අරගලයේ අවසානය නොව එය රට ගොඩනැගීමේ අරගලයේ ආරම්භය බවත් ඔහු තවදුරටත් පැවසුවේය.