සත්‍ය සොයන්න නව කොමිෂන් සභාවක්

0
නව කොමිෂන් සභාවක්

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා.

මේ පිළිබඳ පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

1983 – 2009 අතර කාලය තුළ  උතුරු නැගෙනහිර ගැටුම්වලදී ශ්‍රී ලංකාවේ කුමන හෝ ස්ථානයක කිසියම් පුද්ගලයකුට ජීවිත හානියක් දේපළ  හානියක් සිදුවී ඇත්නම් හෝ  මානව හිමිකම් කඩ වී ඇත්නම් ඒ පිළිබඳව විමර්ශන පැවැත්වීම සහ ඒ පිරිස් වලට සාධාරණය ඉටු කිරීම සහ  මින් ඉදිරියට එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිෂන් සභාවට පැවරෙන වගකීම් බව රජය සඳහන් කරනවා.

එම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනයේ සඳහන් වන අන්දමට  මෙම කොමිෂන් සභාව කොළඹ නගරයේ පිහිටවිය යුතු අතර  එහි රැස්වීම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පැවැත්විය හැකියි..

එමෙන්ම, කොමිසමේ සාමාජිකයන් ලෙස හත් දෙනකුට නොඅඩු පිරිසක් පත් කර ගත යුතු බවද  එම ගැසට් නිවේදනයේ සඳහන්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට පෙර මෙම කොමිෂන් සභාව පිහිටුවීම රජයේ අපේක්ෂාව වී ඇති  බවයි වාර්තා වෙන්නේ.