නව සන්ධානයේ ජනාධිපතිවරණ මෙහෙයුම් සටන ඇරඹෙන දිනය මෙන්න

1
ජනාධිපතිවරණ මෙහෙයුම් සටන

නව සන්ධානයේ ජනාධිපතිවරණ මෙහෙයුම් සටන මෙන්ම ප්‍රචාරණ කටයුතු ලබන ජනවාරි මස පළමු වැනිදා පෙරවරුවේ රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි පිහිටි පක්ෂ කාර්යාලයේදී සුභ මොහොතින් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබෙනවා.

ඒ නව සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් ලන්සා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා නව සන්ධානයට එකතුවී සිටින සියළු වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනටමත් පක්ෂ කාර්යාලය විසින් ආරාධනා පත් යවා ඇති බවද වාර්තාවේ.

ලබන වසරේ පළමුව පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් බවත් ඊට මුහුණ දීම සඳහා නව සන්ධානය වෙනත් කිසිදු සංවිධානයකට නොදෙවෙනි බලවේගයක් නිර්මාණය කිරීම අපේක්ෂාව බවද එම පක්ෂ කාර්යාලය පෙන්වා දෙනවා.

එහි පළමු පියවර 2024 ජනවාරි පළමු වැනිදා පක්ෂ කාර්යාලයේ කටයුතු වලින් ඇරඹීමට නියමිත බවද වාර්තා වෙනවා.

Asian Mirror