ඇමති සනත් නිශාන්ත ගමන් ගත් රථය වෙන එකක හැප්පෙයි. ඇමති ඇතුලු සියලු දෙනාම ගුටි කයි

0
සනත් නිශාන්ත

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී මාරවිල මොදරවැල්ල ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.

එම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාද ජීප් රථය තුළ සිට ඇත.

අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රිදුරා විසින් ජීප් රථයටත් එහි සිටි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරියකුටත් පහර දී ඇත. අමාත්‍යවරයාටත් යම් පහර කිහිපයක් වැදී ඇති නමුත් තුවාල කිසිවක් නොමැති බවටයි වාර්ථා වන්නේ.

පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් වාහන දෙකේම රියදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.