ප්‍රංශයේ සැඟවී සිටින පුද්ගලයෙක් අල්ලන්න ඔන්න මෙන්න

0
ප්‍රංශයේ සැඟවී සිටින

ප්‍රංශයේ සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු සහ සංවිධානාත්මක අපරාධ නායකයකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සිදුවෙමින් ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අරස් මහතා සඳහන් කරයි.

නමුත් ඒ සඳහා නීතිමය ක්‍රමවේදය අනුව යම් කාලයක් ගත වනු ඇති බවද හෙතෙම පැවසීය.

ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද ඒ ආකාරයෙන්ම ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කරමින් සිටින බවද නමුත් ඒ සඳහා කාලයක් ගත ගතවන බවද ඔහු සඳහන් කළේය.

රට තුළ ක්‍රියාත්මක කරමින් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමෙන් මෙහෙයුම නවතන්නේ නැති බවත් ඉදිරියටම කරගෙන යන බවද ඔහු තව දුරටත් පැවසීය.