හිටපු කාදිනල්වරයකු මූල්‍ය අපරාධ චෝදනාවලට වරදකරු වෙයි

0
හිටපු කාදිනල්වරයකු

මූල්‍ය අපරාධ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් හිටපු කාදිනල්වරයකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වාතිකානු අපරාධ අධිකරණය වසර පහයි මාස 6 සිරදඬුවමක් සහ යුරෝ 8000 ක් දඩයක් නියම කළේය.

ඇන්ජලෝ බෙචු වරක් පාප් ධුරය සඳහාද සුදුස්සෙකු ලෙස සැලකුවේය.

රෝමානු කතෝලික පල්ලියේ හිටපු අගරදගරුවරයකු වතිකානු අපරාධ අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර මෙම නඩුව වතිකානු ඉතිහාසයේ දීර්ඝතම නඩු විභාගයද විය.

වතිකානයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200.5 ක මුදලක් අවභාවිත කරමින් ඉතාලි ව්‍යාපාරිකයකු ළඟ ආයෝජනය කිරීම ඇතුළු මූල්‍ය අපරාධ චෝදනා කීපයක් හිටපු අගරදගුරු ඇන්ජෙලෝට එල්ල වී තිබිණ.

මෙම මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධ නඩුව 2021 වසරේ ජූලි 27 වැනිදා ආරම්භ වූ අතර එම නඩුවේදී ඇන්ජෙලෝ බෙචු හැර තවත් විත්තිකරුවන් නව දෙනෙකුට මූල්‍ය අපරාධ චෝදනා ගොනු විය.

නඩුවාර 80 කට වඩා වැඩි ප්‍රමාණයකට පසු පෙරේදා(16) ඇන්ජෙලෝ බෙචු ඇතුලු විත්තිකරුවන් වරදකරුවන් කරමින් වතිකානු අපරාධ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළහ

එහිදී බෙචු මුදල් ආයෝජනය කළ ඉතාලි ව්‍යාපාරිකයාට සහ තවත් ව්‍යාපාරිකයකුට වතිකානයට වංචා කර 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 381 ක් වටිනා ලන්ඩනයේ සුඛෝපභෝගී දේපළක් ආයෝජන මුදල් භාවිත කරමින් මිලට ගැනීම ඇතුලු මූල්‍ය අපරාධ චෝදනා කිහිපයක් එල්ල වී තිබූ අතර වංචාකර දේපළක් මිලට ගැනීමේ චෝදනාවට වරදකරු වූ ඔවුන්ටද සිර දඬුවම් නියම විය.