අපිට ගහන්න එපා ගහල අඬන්න එපා – බැසිල් රාජපක්ෂ

0
බැසිල් රාජපක්ෂ

මීළඟ මැතිවරණයෙන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අපේම ආණ්ඩුවක් පිටුවීමට සූදානම් විය යුතු බව ඒ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අද පැවැති විශේෂ මහා සමුළුව අමතමින් හෙතෙම කියා සිටියේය.

මෙරට ජනතාව මරණ බියෙන් ගලවාගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවද පැවසූ ඔහු එඩිතර ආණ්ඩුවක් පත් කර ගැනීමට සියලු දෙනාම ඒකරාශී විය යුතු බවද පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා එහිදී මෙසේද කියා සිටියේය.

‘මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා.’