එ.ජා.ප. නිලධාරීන් අතර අභ්‍යන්තර ගැටුම්

0
නිලධාරීන් අතර

එක්සත් ජාතික පක්ෂය තුල ඉහල නිලධාරීන් අතර ගැටුම් ඇතිවී ඇති බවට එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරනවා. එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව පක්ෂ ක්‍රියාකාරීන් විශාල කැරැල්ලක් ආරම්භ කර ඇති බව එම ආරංචි මාර්ග සනාත කරනවා. ඒ පිළිබදව පසුගියදා පක්ෂයේ ඉහල නායකයින් අතර හමුවකදී මහලේකම් වරයා ගැන තීන්දුවක් ගතයුතු බවටත් තීරනය වී තිබෙන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරනවා.

එක්සත් ජාතික පක්ෂය යළි ප්‍රතිසංධානය කිරීමට පෙර එකිනෙකා අතර පවතින මත ගැටුම් සියල්ල අවසන් කර ගන්නැයි ජනාධිපතිවරයා පවසා ඇතැයි වාර්තාවෙනවා.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට විරුද්ධව පක්ෂය තුල විශාල කැරැල්ලක් ඇතිවී තිබෙන බවද සිරිකොත ආරංචි මාර්ග හෙළිකළා.

කෙසේ වෙතත් මෙම ගැටළු විසදා ගන්නා තෙක් පක්ෂයේ ආසන බල මණ්ඩල හමු පැවැත්වීමද තාවකාලිකව නතර කර තිබෙනවා.

යම් ලෙසකින් මෙම ගැටුම් පවතින අතර එම ආසන බල මණ්ඩල පැවතියහොත් එකිනෙකා විවේචනය කිරීම සිදුවන බැවින් ගැටළු අවසන් කර බල මණ්ඩල කැදවීමටයි පක්ෂය තීන්දු කර ඇත්තේ.