කැළණිය විශ්විද්‍යාලය ආරක්ෂක නිළධාරියෙකු සිසුවකුගේ මවකට ලිංගික බලහත්කාරකමක් කරලා (Video)

0
ලිංගික බලහත්කාරකමක්

කැලණි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට සිසුන් විසින් පහර දීම හේතුවෙනි.

මෙම ආරක්‍ෂක නිලධාරියා විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදී ගේට්ටුවෙ ගැටගසා තිබූ බව උපකුලපතිවරයා පවසයි.

එම සිදුවීමට අදාළව යානුකූල පියවර ගෙන අනධ්‍යන කාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයින් අතර නැවත සාමකාමී තත්ත්වයක් ඇති කිරීමට මෙම පියවර ගත්ත බවද නිවේදනයේ සඳහන්ය.

විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ අද පස්වරුවේ සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමෙන අතර උදෑසන අටට පෙර සියලුම සිසුන් සිය නේවාසිකාගාර වලින් ඉවත් විය යුතුය.

kelaniya

සිසුවකුගේ මවකට ලිංගික බලහත්කාරකමක්

කැළණිය විශ්විද්‍යාලයේ ආරක්ෂක නිළධාරියෙකු හා සිසුන් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයට හේතුව එම විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මවකට අදාල නිලධාරියා විසින් ලිංගික බලහත්කාරකමක් කිරීම බව සිසුන් කියා සිටිති.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඔවුන් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවත් එම පරීක්ෂණ යට ගැසීමට සරසවියේ පාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බවත්ය.

අදාල වීඩියෝව

සිදුවීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වනු වෙනුවට සිදුවීම යටගැසීමටත් සරසවිය වසා දැමීමටත් කටයුතු කිරීමත් විරෝධය පළ කරන බව ද ඔවුහු කියා සිටිති.

අදාල සිදුවීම පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ලිංගික බලහත්කාරකමක්

අදාල සිදුවීම සම්බන්දයෙන් කැළණිය විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය නිකුත් කල නිවේදනය පහලින්

ලිංගික බලහත්කාරකමක්