දේශබන්දුට වැඩ බලන්න ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය. සජිත් ඇතුලු තුනක් විරුද්ධ වෙයි.

0
ව්‍යවස්ථාදායක සභාවේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර අනුමැතිය ලැබී තිබේ.

ව්‍යවස්තාදායක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අවස්ථාවේදී යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කර ඇත.

එහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් තිදෙනා හා සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනෙකු විසින් ඊට අනුමැතිය ලබාදීම තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කබීර් හෂීම් මහතා හා එක් සිවිල් සංවිධාන නියෝජිතයෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී ඇත.

බොහෝ චෝදනාවට ලක්වූ පොලිස් නිලධාරියෙක් වන දේශබන්දු තෙන්නකෝන් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ප්‍රභල චෝදනා එල්ල කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද නියෝග කර තිබූ අතර අරගල භූමියට පහරදීමට පැමිණි පිරිස සමග එක්ව ගමන් කරමින් අදාල ප්‍රහාරකයින්ට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්ද සමාජයේ දැඩි විරෝධයක් එල්ල විය.

රාජපක්ෂ නිකායේ චීවරධාරීන්ගේ සහහත් දේශබන්දුට.

දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධූරයට පත්කිරීම පිළිබඳ කතෝලික සභාව සිදුකළ ප්‍රකාශය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

පොලිස්පතිවරයා පත්කිරීම ජනාධිපතිවරයාගේ කාර්යභාරය මිස කාදිනල්තුමාගේ වැඩක් නොවන බවයි, එහිමියන් අවධාරණය කළේ.

එසේ නම් මහානායක හිමිවරුන්ගේන් ද පොලිස්පතිවරයා පත්කිරීම ගැන ජනාධිපතිවරයා විමසා බැලිය යුතු බව ආනන්ද හිමි සඳහන් කළා.

මේ රටේ නැවත ජාතිවාදය ආගම්වාදය වපුරා ජනතාව ප්‍රකෝප කර රට විනාශ කිරීමට කටයුතු නොකරන ලෙස කතෝලික සභාවෙන් ඉල්ලා සිටින බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩි දුරටත් සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි. දැඩි රාජපක්ෂ හිතවාදී අදහස් දරන ස්වමීන්වහන්සේලා කිහිප දෙනාම එම පුවත් පත් සාකච්චාවට එක්වුනා.