රොෂාන්ගේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා සිහිනයත් හබක්

0
විපක්ෂයේ පොදු අපේක්ෂකයා

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාට සමගි ජන බලවේගයට එක් වන ලෙස ආරාධනා කර ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

නමුත් ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ අදහසක් නැති බව ද හෙතෙම පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ මුල් තීරණයේ තවමත් පක්‍ෂය පසුවන බව ද හෙතෙම සදහන් කරයි.

පක්‍ෂයේ සභාපතිවරයා නොවන අය ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රතිපත්තියක් සමගි ජන බලවේගයේ නැති බවද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.