දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය

0
දෙවැනි අවසන් පූර්ව තරගය

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී පැවැත්වුණි.

එම තරගය කඩුලු 03ක් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

එහිදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කරගත්තේය.

නමුත් ඔවුන්ගේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දුයවන්නන් සමත්විය.

අනතුරුව 5 වැනි කඩුල්ල සඳහා එක්වූ ඩේවිඩ් මිලර් සහ හෙන්රික් ක්ලාස්සන් ලකුණු 95ක සබඳතාවයක් ගොඩනගා ගත්තේය.

ක්ලාස්සන් ලකුණු 47යි.

දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීම සඳහා සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් මිලර් පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 101ක් රැස්කළේය.

එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වන ශතකයයි.

ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

මේ අතර එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වන වතාවටත් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය.

මෙවර ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේ ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාව සහ නවසිලන්තයයි.

එම තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.