පියුමි සහ චන්දිමාල් ඇතුලු පිරිසට පහසුකම් දුන් තරු පහේ හෝටලයටත් වැඩ වරදී

0
piyumi and chandimal - පියුමි සහ චන්දිමාල් ඇතුලු පිරිසට පහසුකම් දුන් තරු පහේ හෝටලයටත් වැඩ වරදී

රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පියුම් හංසමාලි ඇතුළු පිරිසකට නඩු පැවරූ සාදය සඳහා පහසුකම් ලබාදුන් තරු පහේ සුපිරි හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට නිරෝධායන පනත යටතේ නඩු පැවැරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි සමග එම උත්සව අවස්ථාවට සහභාගිවූ තවත් දොළොස් දෙනකු අධිකරණයට ඉදිරිපත්වූ පසු ඔවුන් පෞද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ විසින් නියෝග කර තිබුණා.

මෙම සාදයට පුද්ගලයන් 25ත් 30ත් අතර පිරිසක් සහභාගිවී ඇති අතර එම හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන මඟින් සැකකරුවන් 14 දෙනකු හඳුනාගෙන ඇති අතර තවත් 11 දෙනෙකු සෙසු හඳුනා ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙම උපන් දින සාදය සඳහා හෝටලයේ කාමර කිහිපයක් කිහිපදෙනකු ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවත් ඔවුන් එහි පැමිණ ඇති ආකාරය පිළිබඳවත් විමර්ශනය කෙරෙන බවත් පොලිසිය සඳහන් කළා.