නාමල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි බලවේගයක් ගොඩනගයි

0
නාමල් රාජපක්ෂ

ආණ්ඩුවට සහයෝගය දෙන ප්‍රධාන දේශපාලන ධාරාව වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා නොකර තවදුරටත් තීරණ ගන්නේ නම් ඊට එරෙහිව වෙනම බලවේගයක් නිර්මාණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එහි පළමු හමුවීම මන්ත්‍රීවරයාට පක්ෂපාතී තවත් මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා ඇති බවද දැනගන්නට තිබේ.

එහිදී ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත්තේ පසුගියදා සිදුකළ ඇමති මණ්ඩලය සංශෝධනය පිළිබඳවයි.

එම සාකච්ඡාවේදී සෙසු මැති ඇමතිවරුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ ආණ්ඩුව විසින් සිදුකරන වැරදි ක්‍රියාවන් සඳහා තවදුරටත් පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

එම නිසා වෙනම බලවේගයක් ස්ථාපනය කර විපක්ෂයේ අසුන් ගමු යැයිද පිරිස නාමල් මන්ත්‍රීවරයාට යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් එම හමුවීම තීරණයක් නොමැතිව අවසන් වී ඇති බවද දැනගන්නට තිබේ.