එක් තීරයක් – එක් මාවතක් සංවර්ධන වැඩසටහන සමඟ අඛණ්ඩව ඉදිරියට – ජනාධිපති

0
එක් තීරයක් - එක් මාවතක්

චීනය ක්‍රියාත්මක කරන එක් තීරයක් – එක් මාවතක් සංවර්ධන වැඩසටහන සමඟ අඛණ්ඩව ඉදිරියට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

චීනයේ නිල සංචාරයට පෙර එරට මාධ්‍ය සමූහයට අයත් CCTV නාලිකාවේ විකාශය වන LEADERS TALK සම්මුඛ සාකච්ඡා වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනපතිවරයා,

“විපතට පත්වූ රට ගොඩගන්න මම ක්‍රියාකරන්නේ. දැනට සිදුකරන වැඩකටයුතු බොහෝ දුරට සාර්ථක වෙලා තියෙනවා. අපි රට තුළ විශාල ආර්ථික පරිවර්ථනයක් සිදුකරනවා. ඇත්ත වශයෙන්ම ජීවන බර තියෙනවා තාම. ඒ ජීවන බර ක්‍රමානූකූලව අඩු කරන්න අපි බලන්නේ. අපේ වැඩ කටයුතු අපි කරගෙන යනවා. අපිට වාසි නම් අපි එවාට ඇතුළු වෙනවා. අවාසි නම් ඇතුළු වෙන්නේ නෑ. මේ රටට වාසියක් තියන නිසා තමයි චීනය සමග ගනුදෙනු සිදුකරලා තියෙන්නේ. ඒත් අද ලෝකයේ බලවතුන්ගේ අතර විශාල ගට්ඨනයක් තියෙනවා කොහොමද ඒ වැඩ කටයුතු කරන්නේ කියලා. ඒ නිසා චීනය ආරම්භ කරපු  BRI එක ගැනත් විශාල ප්‍රශ්න ඇති කරලා තියෙනවා. ඒ නිසා තමයි ලංකාවේ හම්බන්තොට වරායට එහෙම එක එක චෝදනා එල්ල කරලා තියෙන්නේ. ඒත් අපි මේ වැඩකටයුුතුවලින් සෑහීමකට පත්වෙන නිසා අපි ඉදිරියට යනවා. හම්බන්තොට වරාය සාමාන්‍ය වාණිජ වරායක්. අරගෙන ඉදිරියට ගෙනියන්න දියුණු කරන්න චයිනා මර්චන්ට් සමාගම තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක තුළ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලීසිය. ඒක තුළ රේගු කටයුතු කරන්නේ සහ ආරක්ෂාව ලංකාවෙන්. එක අපි බලන්නේ වරාය කේන්ද්‍රස්ථානයක් කර ආයෝජනය කලාප පුළුල් කරනවා. චීනයට අදාළ ගනුදෙනු චීනය එක්ක කරනවා. අමෙරිකාවට අදාළ ගනුදෙනු අමෙරිකාව එක්ක කරනවා. ඉන්දියාවට අදාළ ගනුදෙනු ඉන්දියාව එක්ක කරනවා. අපි ඒවා මිශ්‍ර කරන්නේ නැහැ. අපි ස්වාධින රටටක් හැටියට අපට තිබෙන වාසි – අවාසි බලලා. ඒ රටවල් එක්ක ගනුදෙනු කරන්නේ. 

එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) රාත්‍රියේ දී චීනය බලා දිවයිනෙන් පිටත් යාමට නියමිත බවය.

චීනයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන  “එක් තීරයක් – එක් මාවතක්” නම් 03 වැනි සමුළුවට සමභාගී වීම සඳහාය.

එම සමුළුව ඔක්තෝබර් මස 16 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වේ.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ රජය අත්පත් කරගත් ඉඩම් එම ජනතාවට නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් දෙමළ දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයින් ජනාධිපති කාර්යාලයේදී අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක නිරත ව තිබුණි.

මේ සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා, මහවැලි අධ්‍යක්ෂ ජනරාල්, හමුදා ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.