ශ්‍රී ලංකාවට පකිස්ථානය හමුවේ අමිහිරි පරාජයක්

0
ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවති තරගය කඩුලු 6කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.

ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 345ක දැවැන්ත ඉලක්කය හඹාගිය පාකිස්තානය වෙනුවෙන් Abdullah Shafique පන්දු 103කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමග ලකුණු 113ක් රැස්කරගත්තේය.

පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය Mohammad Rizwan පන්දු 121කදී නොදැවී ලකුණු 131ක් රැස්කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් Dilshan Madushanka කඩුලු 2ක් දවාගත්තේය.

පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 345ක් රැස්කරගනිමින් ජය හිමිකරගත්තේය.