සම්මාන නිය ප්‍රකට ප්‍රවීණ ජනප්‍රිය රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ කළා දිවි ගමන සහ අවසාන කටයුතු

0
රංගධර ජැක්සන් ඇන්තනී

කලා ක්ෂෙත්‍රයේ කුසලතා රැසකින් පෝෂිත සම්මාන නිය ප්‍රකට ප්‍රවීණ ජනප්‍රිය රංගධර ජැක්සන් ඇන්තනී මහතා  පෙරවරුවේ දිවිසිනමාවෙන් සදහටම සමුගත්තේය.

ජැක්සන් ඇන්තනී මහතා

මීට වසර එකහමාරකට පමණ පෙර ආචාර්ය සෝමරතන දිසානායක යන්ගේ සිංහබාහු චිත්‍රපට යේ රූගත කිරිමකට සහභාගි වී ආපසු එමින් සිටියදි අනුරාධපුරය තලාව ප්‍රදේශයේ දි ඔහු ගමන් ගත් කැබ්රථයේ අලියකු ගැටිමෙන් සිදුවු අනතුරෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් දින 545ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

1958 ජුලි 8 වැනිදා රාගමදි උපත ලබ ඇති ජැක්සන් මහතා මියයන විට 65වන වියේ පසුවිය දක්ෂ නිළියක සහ ගායිකවක් වන කුමාරි මුණසිංහ මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන හෙතෙම රංගනයෙන් ගායනයෙන් නර්තනයෙන් දස්කම් දක්වන මාධවි වත්සලා, අඛිල ධනුද්දර සහ සජිත අනුත්තර යන දරුතිදෙනාගේ පියාද වේ.

ජැක්සන් ඇන්තනී කලාකරුවා වෙිදිකාව සිනමාව රෑපවාහිනිය යන මාධ්‍ය තුනම ජයගත්තෙකි. අසාහය රංගධරයෙක් ගායකයෙක් තිරකතා රචකයෙක් චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ටරයෙක්.,ගීතරචකයෙක්, නාට්‍ය වෙිදියෙක් කවියෙක්, චිත්‍රකතා සිත්තරෙක්, හඬ නළුවෙක්, සන්නිවෙිදක වරයෙක් පූරකයෙක්, ගුවන් විදුලි වැඩසටහන් අධ්‍යක්ෂ වරයෙක් ,දේශකයෙක්, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයක් භාෂාඟයෙක් රෑපවාහිනි වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, නවකතා කරුවෙක්, නර්තනශිල්පයෙක්, සහාය පුස් තකාලායාධිපතිවරයෙක්, සහ සාර්ථක යූටියුබර්. කෙනෙක්ද වේ. පනාපුත්‍රකුහුඹු පැනියා යන අන්වර්ථ නාමයෙන් පුවත්පත් තීරුලිපි රචකයෙක් ලෙසද හෙතෙම කටයුතු කළේය.

කුඩාකාලයේම සිය පියාගේ සහ සොහොයුරකුගේ මග පෙන්විම් යටතේ කලාලොව අත්පොත් තබා ඇති ජැක්සන් කලා කරවා.

මරාසාද් මධුර ජවනිකා, ලෝමහංස ධවල භිෂණ, අත් මෝරා තාරවෝ ඉගිලෙති, ඔත්තුකාරයෝ, මෙතැනින් මාරුවෙනු, යන වෙිදිකා නාට්‍ය වලද ඇල්ල ළග වලව්ව පළිඟු මැණිකේ, සුසිමා වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා , දඬුබස්නාමානය, පිටගම්කාරයෝ, අප්පච්ච් සහ කඩුල්ල යනටෙලි නාට්‍ය තුළින් අමතක නොවන චරිත නිරුපනයන්හි යෙදුණෙකි.

විජය ධර්ම ශ්‍රි ගේ ගුරු ගෙදර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මෙම රංගධරයා ලොකු දුව , බව දුක, බවකර්ම විසිදැල ගිනි අවි සහ ගිනි කෙළි ,ගරිල්ලා මාකටින් රන්දියදහඑ, සූරිය අරණ ප්‍රවේගය, මහරජු ගැමුණු , ඇඩ්රස් නෑ, ධර්ම යුද්ධය ,අයෝමා, අග්නි දාහය, අස්වැසුම,මිල්ලේ සොයා, කුරුළු පිහාටු ,උදුම්බරා, ඝරසරප, ආදි චිත්‍රපට රැසක චරතාංග තුළින් සිංහල සිනමාව පෝෂණය කළේය.

ඔහු අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය අතර ඇසළ කළුවඑ, දස්කොන්,සහ සී රජ,ද චිත්‍රපට අතර ජුලියට්ගේ භුමිකාව අබා සහ ඇඩුස් නෑ, තිරගත විමට නියමිත එකගෙයි සොකරි, දේවි සම්බුලා ද වේ.

සුසීමා ටෙලි නාට්‍ය සඳහා ඔහු ගායනාකළ දැස පියා ගත් කළ, ගිතය අදටද ජනප්‍රිය ගීතයකි.ඇසළ කළුවර ටෙලිනාට්‍ය⁣යේ සුවඳයි මල් සුවඳ සේ ගිතය ජැක්සන් ගේ පදරචනයකි. විසිහය වතාවක් හොඳම නළුවා සම්මානයෙන් පුද ලද මෙම රංග ධරයා ඉන් දහසය වතාවක් සිනමා සිත්තම් සඳහා ලබා ගත්තේය.

හපුගොඩ කනිෂ්ඨ ,බණ්ඩාරවෙල ශාන්ත මරියා ගලහිටියාගොඩ මහා විද්‍යාලය යන පාසල වල ආදී ශිෂ්‍යයෙකු වන වන හෙතෙම කොළඹ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්හි ශාස්ත්‍ර වෙිදි සහ ශාස්ත්‍රපති උපාධිධාරියෙක්ද වේ.

උපතින් කතෝලික වුවද බෞද්ධ දර්ශනය සහ ඉතිහාසය පිළිබඳව ද ලංකා සහ ලෝක ඉතිහාසය ගැනද මනා පරිචයක් තිබු අයෙකු බව රුපවාහිනි වැඩසටහන් හරහා පළකර තිබ අයෙකි.

දේහය අද (10)පෙරවරු 9.00 සිට රාත්‍රී 10,00වන තුරු බොරැල්ල ජයරත්න මල් ශාලාවෙි (Respect) තැන්පත් කර තිබෙන අතර 11වැනිදා පෙරවරුවේ සිට කඩවත රාගම පාර වනිගසූරිය වත්ත90/ඒ/8 නිවසේ තැන්පත් කරන බව පවුලේ ප්‍රකාශක යෙක් පැවසීය. අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (12) රාගම ශුද්ධවු පේදුරු සහ පාවුළු දේවස්ථානයේදි සිදු කෙරේ.

——————————————–

ප්‍රවීන රංගන ශිලිපී ජැක්සන් ඇන්තනී මහතා මාස 14කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ.

අනුරාධපුර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරිම අතර තුර ඔහු ගමන් ගත් මෝටර් රථයේ වල්  අලියකු  ගැනීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු දීර්ඝ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීය.

මිය යන විට 65 හැවිරිදි වියේ පසුවිය. චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී ඇත.