සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් අවශ්‍ය බව ජනාධිපති පවසයි

0
මාධ්‍ය කථිකාවක්

ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද?නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද? කියා සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඕනෑම රටක පවතින මාධ්‍ය රටේ නීතියට යටත්ව ක්‍රියාත්මක වූ නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමඟ තමන්ගේ හිතුමතය අනුව තමන්ට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක් වන ‘දිවයින ‘  පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීම වෙනුවෙන්  ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවයට එක්වෙමිනි.

මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.