කංචන විජේසේකර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සමගත් ගැටුමක

0
කංචන විජේසේකර

අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා අතර පවතින අභ්‍යන්තර ගැටුම් උත්සන්න වී ඇතැයි විශ්වාස කටයුතු ආරන්චි මාර්ග තහවුරු කරනවා.

එහි ප්‍රතිපලයක් ලෙස අදාළ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කිරීමට අමාත්‍ය කංචන විජේසේකර තීරණය කර ඇති බවද වාර්තා වෙනවා.

ඒ අනුව බොහෝ දුරට ඉදිරි සතිය තුළදී සභාපතිවරයා එම තනතුරින් ඉවත් කිරීමට නියමිතව ඇත.

මේ අතර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු ඉහළ නිළධාරීන් රැසක් මේ වන විට සයිනොපැක් ඉන්ධන සමාගමේ රැකියාවලදට බදවාගෙන තිබෙනවා.

එහි ආසන්නතම සිදුවීම වූයේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයෙක් ලෙස සේවය කළ සුසන්ත ද සිල්වා සයිනොපැක් සමගාමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස බදවා ගෙන තිබීම බවද ඉහත ආරන්චි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.