මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් දිනූ රිදී පදක්කම ලංකාවට අහිමිවෙයි

0
මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන්

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව  දිනාගත් රිදී පදක්කම නීති විරෝධී ධාවනය හේතුවෛන් අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්‍ෂණික කමිටුව තීරණය කළේය.

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් මංතීරු නීති උල්ලංඝණය කරමින් ධාවනය යොදුණු බවට තාක්‍ෂණික කමිටුව සඳහන් කරයි.

එම පදක්කම හිමිවූයේ නම් 2006 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් දිනාගත් පළමු පදක්කම බවට පදක්කම බවට ද පත්වේ.

අරුණ දර්ශන, නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ සහ තරුෂි දිල්සාර මෙම ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

ඒ අනුව එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා සිටි ඉන්දියාවට රිදී පදක්කම ද, සිවුවැනි ස්ථානයට පත්වූ කසකස්තානයට ලෝකඩ පදක්කම ද, හිමිවිය.

එහි රන් පදක්කම බහරේනය දිනාගත්තේය