චන්දිමාල්ට සහ පියුමිට ඇප

0
Chandimal jayasinhe and Piyumi hansamali - චන්දිමාල්ට සහ පියුමිට ඇප

අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබේ.

ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ මහතා ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. 

රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇපමත ඔවුන් මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් සංවිධානය කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අද (31) දහවල් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ සවස පැවති එම උපන්දින සාදයට පුද්ගලයින් 25 -30ත් අතර පිරිසක් සහභාගි වී ඇතැයි අනාවරණය වු බවය.

එයින් මේ වන විට පුද්ගලයින් 12දෙනෙකු හඳුනාගෙන ඇති අතර CCTV දර්ශන පරීක්ෂා කරමින් සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.