අරගලය ඉල්ලා සිටි තරුණ නායකයා හමුවෙයි

0
තරුණ නායකයා

ගාළු මුවදොර අරගලය විසින් ඉල්ලා සිටි තරුණ නායකයා සිටින්නේ තම පක්ෂයේ බවත් ඒ වෙන කිසිවකු නොව නාමල් රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මහතා තම සීයාගේ පියාගේ බාප්පලා ගේ අත්දැකීම් වලින් ලබාගෙන නිසැක ලෙසම රට ගොඩ නගනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරණය සඳහා රාජපක්ෂලා අවශ්‍ය නම් රාජපක්ෂවරයෙක්ද, රාජපක්ෂ නොවන අයෙකු අවශ්‍ය නම් එසේ අය ද පක්ෂය තුළ ඇති බවද හෙතෙම පැවසීය.

අරගලය ඉල්ලා සිටියේ තරුණ නායකයකු වුවත් එළැඹෙන වසරේදී අනුර දිසානායකට අවුරුදු 60ක් හා සජිත් ප්‍රේමදාසට අවුරුදු 58ක් වන බවත් හෙතෙම කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදු පෙරමුන ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.