
ඉදිරියේ පවත්වන මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 51%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් ජයග‍්‍රහණය කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව එහි ජාතික සංවිධායක සිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමඟ පැවති හමුවකදී ඔහු පෙන්වා දී ඇත්තේ පක්ෂය ප්‍රචාරක කටයුතුවලදී වෙනත් පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට වැඩ කටයුතු නොකරන ලෙසට මන්ත්‍රීවරුන් දැනුවත් කළ යුතු බවයි.
පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර පක්ෂය ගත් තීන්දු තීරණ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බවද පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රතිසංස්කරණ තවත් සිදුවිය යුතු නම් එය දැනුම් දෙන බවද සඳහන් කර තිබේ.
පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාව සඳහා පක්‍ෂ ජේෂ්ඨයන් වැඩි පිරිසක් සහභාගිවී සිට ඇත.