ස්ථිර වශයෙන්ම සජිත් ජනපතිවෙනවා මේ රටම ගොඩනගනවා සුමනදාස ගෙන් තවත් නොවරදින අනාවැකියක්

0
ස්ථිර වශයෙන්ම

ස්ථිර වශයෙන්ම මෙරට නව වන විධායක ජනාධිපති වරයා වන්නේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයක් පැවැත්වූයේ නම් අටවල ජනාධිපතිවරයා වන්නේද සජිත් ප්‍රේමදාස මහතා බව ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම පත්‍රයේ ගජකේෂරී නම් බලගතු රාජයෝගයක් යෙදී ඇති බවත් එහි වාසනාව අනුව ඔහු මෙරට රාජ්‍ය පාලකයා වන බවත් හෙතෙම කියා සිටී.

සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයක් යටතේ මෙරට සංවර්ධනය වනු ඇති බවද ලංකාව වැටි ඇති ආර්ථික අවපාතයෙන් ගොඩ ගනු ඇති බවද හෙතෙම තව දුරටත් එහිදී පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.