ගෝඨාභය රාජපක්ෂ ට ආයෙ පොහොට්ටුවෙන් නම් අපේක්ෂත්වය නෑ – SM

0
ගෝඨාභය රාජපක්ෂ

මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය දීමේ සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය වර පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය දී ජනාධිපතිවරයා බවට පත් කල නමුත් ඔහුට එම ධුරය කරගෙන යාමට නොහැකි වූ බවද හෙතෙම පැවසීය.

එනිසා නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය ලබා දීමේ උවමනාවක් ඇති නොවන බව ද හෙතෙම කියා සිටියි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා 69 ලක්‍ෂයක ඡන්ද ප්‍රමාණයක් ලැබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතාටත් පොදුජන පෙරමුණේ සංවිධාන ශක්තිය නිසා බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ කැමතිනම් ආයෙ එයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දේශපාලනයට පිවිසීම ඔහුගේ කැමැත්ත අනුව සිදු වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසින්නේද නැද්ද යන්න ඔහු තීරණය කරනු බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

දේශපාලනයට විවිධ පිරිස් පැමිණීමත් ප්‍රජාතන්ත්‍රවාදය බවත් ඒ හරහා විවිධ අදහස් දේශපාලන ප්‍රවාහයට එක් වෙන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.